Friday, March 29, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට හිම කුණාටු තත්ත්වයක් (VIDEO)




ඔස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවරට සහ මෙල්බර්න් නුවරට හිම කුණාටු තත්ත්වයක බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ කුණාටුවත් සමග විශාල ප්‍රමාණයේ හිම කැට පතිත වී ඇති බවයි. ඉන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගස්කඩා වැටීම් හේතුවෙන් දේපළ හානි රැසක් ද වාර්තා වනවා.

මේ අතර ලැව්ගිනි පැතිර තිබූ ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්ත කිහිපයකට මේවනවිට වර්ෂාව ඇදහැලෙමින් තිබෙනවා. එහෙත් ඇතැම් ස්ථානවල ලැව්ගිනි අවදානම තවමත් පහව ගොස් නොමැති බවයි බලධාරීන් පවසන්නේ.