Wednesday, April 24, 2024

General line - 0115112241

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගෙන් CCD යට ප්‍රකාශයක් 




හිටපු ඇමති රන්ජන් රාමනායක සමග දුරකථන සංවාද පැවැත්වූ බව කියන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර සිටියේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරිය පැය තුනහාමාරක කාලයක් ප්‍රකාශ ලබාදුන් බවයි.

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග දුරකථන සංවාද පැවැත්වූ බව කියන විනිසුරුවරුන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට පසුගියදා නියෝග කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබූ අතර ඊයේ දිනයේදී මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

දැනට වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ධම්මික හේමපාල ගෙන් ඉදිරි දිනකදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර සිටියේ.