Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දරුණු පසුබෑමක




බංග්ලාදේශයේ පැවැත්වෙන “බංග බන්දු” අන්තර් ජාතික පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නැවත වරක් දරුණු පසුබෑමකට ලක් වුණා. එම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකාව මූලික වටයේ සහභාගී වු තරග දෙකම පාරජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට සිදු වුයේ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමටයි. 

සත්කාරක බංග්ලාදේශය සමග ඊයේ (21) පැවති තරගය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජයට පත් වුණා. ඊට පෙර පැවති පලස්තීනය සමග තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණේ ගෝල 2-0 ක් ලෙසයි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් වරට අන්තර් ජාතික පාපන්දු පිටියේ සහභාගී වු තරග නවයේදී කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වී නැහැ. 

2019 වසරේ අන්තර් ජාතික පාපන්දු තරග 11කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පාපන්දු කණ්ඩායම එහිදී වාර්තා කළේද එක් ජයග්‍රහණයක් පමණයි. මැකාඕ කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක් ලෙස ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තා. 

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට රටවල් 210ක් අතරින් අන්තර් ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 205වන ස්ථානයයි.