Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගයට සියල්ල සූදානම්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය මෙරට වේලාවෙන් අද (21) පස්වරු 01ට විභාගයට ගැනෙනවා. ජනාධිපතිවරයෙකු හෝ අධිකරණයක විනිසුරුවරයෙකු මෙන්ම කැබිනට් සාමාජිකයෙකු සිය ධූර කාලය තුලදි බලය අනිසි ලෙස භාවිතය, දූෂණය හෝ වෙනයම් බරපතල ගණයේ අපරාධයක් සිදු කර ඇති බවට සැක මතුවුවහොත් ඔවුන්ට එරෙහිව දෝෂාභියෝගයක් කැදවිමට රජයේ ඉහල නිලධාරින්ට අවස්ථාව හිමිවනවා.  

ඒ අනුව අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරමින් කතානායක නැන්සි පෙලෝසි විසින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ගෙන ඒමට තීරණය කර ඇත්තේ.

මෙහිදි දේශපාලනික කරුණු මත යුක්රේන ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කරමින් බලය අනිසි ලෙස භාවිතය සහ කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා එල්ල කිරිම යටතේ. අමෙරිකානු ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබෙනවා. චෝදනා ඇතුලත් දෝෂාභියෝග යෝජනාව කොංග්‍රසයේ නියොජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඉකුත් දා වැඩි ඡන්දයෙන් අනුමත කලා.

ඒ අනුව ජනාධිපති ට්‍රම්ප්ගේ ඉරණම විසදිම සදහා අමෙරිකානු සෙනට් මණ්ඩලය අද දෝෂාභියොගය විභාග කොට ජනාධිපතිවරයා වරදරුවෙකුද නිවැරදිකරුවෙකුද යන්න තිරණය කරනු ඇති. 

දෝෂාභියෝගය ජය ගෙන  ජනාධිපතිවරයා පරාජයවිමට නම් සෙනට් මණ්ඩලයේ සාමාජිකයින් සියදෙනාගෙන් තුනෙන් දෙකක බහුතරයක් වන 67 දෙනෙකුගේ ඡන්දය ජනාධිපතිවරයාට විරුද්ධවත් දෝෂාභියෝගයට පක්ෂවත් හිමි විය යුතුයි. එසේ වුවහොත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු අතර උප ජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති ධුරයේ දිව්රුම් දෙනු ඇති. එහෙත් සෙනට් මණ්ඩලයේ දැනට සිටින බහුතරය වන පාලක රිපබ්ලිකන් පාක්ෂික සෙනට් සභිකයින් 53 දෙනා   ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය දි දෝෂාභියෝගය පරාජය කරනු ඇති බවටයි පුර්ව අනාවැකි පලවන්නේ.