Saturday, April 20, 2024

General line - 0115112241

ඇප් එකෙන් වැඩ කරන්න ඉරාජ්ගෙන් සැළසුමක්




සංචාරක කර්මාන්තය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා නව තාක්‍ෂණය යොදාගත යුතු බව ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව සාමාජිකයෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (21) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.

එහිදී "විදෙස් රටක ඉඳන් ලංකාවට ආපුවාම.. සංචාරකයාට පුළුවන් ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න.  ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇප් එක හරහා මෙයාලව ට්‍රැක් කරන්න. යම් සිදුවීමක් වුණොත් ඒ මොහොතෙම අපිට අවශ්‍ය සේවා ඒ අයට සම්බන්ධ කරන්න පුළුවන්." යනුවෙන්ද සඳහන් කළා.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන සංචාරක ස්ථාන ලෙස තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමටද ඉරාජ් වීරරත්න මෙහිදී යෝජනා කළා.

එහිදී "ලෝකයට පෙන්නන්න පුළුවන් ගොඩාක් තැන් අපේ රට තුළ තියෙනවා. අපිට Buddhist tourism කියන අංශය තව ගොඩාක් දියුණු කරන්න පුළුවන්. " යනුවෙන් ද පෙන්වා දුන්නා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.