Friday, March 29, 2024

General line - 0115112241

නෙත් ගොසිප් ALERT සේවාව ඇරඹේ - පළමු මාසය නොමිලේ




නෙත් එෆ්. එම්. රේඩියෝවේ සහෝදර වෙබ් අඩවියක් වන nethgossip.lk හරහා අද සිට නව කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ වනවා.

එහි අරමුණු පැහැදිලි කරන නෙත් එෆ්. එම්. රේඩියෝවට අනුබද්ධ මයිසයිට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු නිලූප සංජය ලියනගේ සඳහන් කළේ "තහවුරු නොකළ ඇතැම් තොරතුරු ව්‍යාප්ත වීමක් අද සමාජයේ දක්නට ලැබෙනවා. ඒ සියලු දේට විසඳුමක් ලෙස තමයි  nethgossip alert සේවාව ආරම්භ කළේ." යනුවෙනි.

nethgossip alert සේවාව දැනට සැපයෙන්නේ ඩයලොග් සහ මොබිටෙල් පාරිභෝගිකයින් සඳහායි.

ඒ අනුව REG හිස්තැනක් NG ලෙස ටයිප් කර 5566 SMS කිරීමෙන් ඩයලොග් සහ මොබිටෙල් පාරිභෝගිකයින්ට මෙම සේවාව සකී‍්‍රය කර ගත හැකි වනවා. පළමු මාසයේදී සේවාව සැපයෙන්නේ කිසිදු අය කිරීමකින් තොරවයි.

මේ අතර නෙත් නිවුස් කෙටි පණිවිඩ සේවාවද තවදුරටත් කි‍්‍රයාත්මක වනවා. ඔබ ඩයලොග් පාරිභෝගිකයෙකු නම් REG හිස්තැනක් NETH ලෙස ටයිප් කර 77177 ට SMS කිරීමෙන් හෝ ඔබ මොබිටෙල් පාරිභෝගිකයෙකු නම් REG හිස්තැනක් NP ලෙස ටයිප් කර 2299 ට SMS කිරීමෙන් නෙත් නිවුස් කෙටි පණිවිඩ සේවාව සකී‍්‍රය කර ගත හැකියි.