Friday, March 29, 2024

General line - 0115112241

පෝළිම අඩු කරන්න බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම්ගෙන් ෆේස්බුක් මෙහෙයුමක්




සේවා ඉටු කර ගැනීම සදහා පැමිණෙන මහජනතාව පෝලිම්වල රැදි සිට පීඩාවට පත්වීම වැළැක්වීම සදහා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නව හදුන්වාදීමක් කර තිබෙනවා. ඒ අනුව සිය කාර්යය ඉටුකර ගැනීම සදහා ෆේස්බුක් හරහා වේලාවක් කලින් වෙන් කර ගැනීමට මහජනතාවට අවස්ථාව විවෘත කර ඇති බවයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් පී ආර් ප්‍රසාද් පෙරේරා පැවසුවේ.

වේලාව වෙන් කර ගැනීම සදහා මහජනතාව පිවිසිය යුතු වන්නේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ෆේස්බුක් පිටුවටයි. එහිදී සේවාව ක්‍රියාත්මක වන ආකාරයද ප්‍රාදේශීය ලේකම්වරයා විස්තර කළා.

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිවේදන මහජනතාවට දැනුම්දීම සදහාද මෙම ෆේස්බුක් පිටුව යොදා ගන්නා බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් පී ආර් ප්‍රසාද් පෙරේරා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.