Tuesday, April 16, 2024

General line - 0115112241

ලියුම් බෙදන්නන්ට පාපැදිය වෙනුවට යතුරු පැදියක් දෙන්න යෝජනා




තැපැල් සේවය කඩිනම් කිරීම සදහා නුදුරේදීම නව යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරන බව තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. වතු ආශ්‍රිත ප්‍රදේශවල තැපැල් පෙට්ටි වැඩි ගණනක් ස්ථාපිත කිරීම එවැනි එක් යෝජනාවක්. මේ වනවිටත් එහි කටයුතු ආරම්භ කර ඇතැයිද තොරතුරු සන්නිවේදන රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත පැවසුවා. 

ලියුම් බෙදන්නන්ට ඉදිරියේදී පාපැදි වෙනුවට යතුරු පැදි ලබාදීමටද යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.