Thursday, April 25, 2024

General line - 0115112241

තෙල්දෙණියේ බස් රථයක් ප්‍රපාතයට පෙරලි 22ක් රෝහලේ




තෙල්දෙණිය, රඹුක්වැල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ.

මෙම බස් රථය ලූල්වත්තේ සිට තෙල්දෙණිය දක්වා ධාවනය කෙරෙමින් තිබුණා. යතුරු පැදියක් පසුකර ධාවනය කිරීමට උත්සාහ කිරීමේදී බස් රථයක ප්‍රපාතයකට පෙරළී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. තුවාල ලැබූවන් තෙල්දෙණිය සහ මහනුවර යන රෝහල්වලට කැටුව ගොස් තිබෙනවා.