Friday, March 29, 2024

General line - 0115112241

ජ'පුර අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ කොස් ආශ්‍රිත ව්‍යාපෘතියට ඇමති විමල්ගේ අතහිත




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන අංශයේ සිසුවෙකු වන දුලාංජන විතානගේ විසින් ආරම්භ කරන ලද කොස් ආශ්‍රිත නව නිපැයුම් ව්‍යාපෘතියට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය සහය දක්වා තිබෙනවා.

දුලාංජන විතානගේ විසින් ආරම්භ කරන ලද කොස් ආශ්‍රිත මෙම නව නිපැයුම් ව්‍යාපෘතිය පිළිබද යූ ආර් අ ලීඩර් වැඩසටහනින් මීට පෙර අනාවරණ කෙරුණා. දුලාංජන විතානගේ එහිදී කියාසිටියේ ආහාර සහ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමේ අදහසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවයි.

කොස් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් කොස්පෝෂ ලෙස ආහාරයක් නිපදවීමටද මෙම ව්‍යාපෘතිය යටතේ පියවර ගැණුනා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන අංශයේ සිසුවෙකු වන දුලාංජන විතානගේ විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තවත් ශක්තිමත් කිරීමටයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය සූදානම් වන්නේ. ඒ යටතේ කොස් ආශ්‍රිත වන ව්‍යාප්තිය වැඩි කිරීමට, කොස් ආශ්‍රිත පර්යේෂණාගාරයක්, උද්‍යානයක් සහ ව්‍යවසායකත්ව කේන්‍ද්‍රයක් පිහිටුවීමටද යෝජනා වී තිබෙනවා. 

කොස් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීමටද අදහස් කරන බවයි කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ පැවසුවේ.