Thursday, March 28, 2024

General line - 0115112241

ඉදිරියේ විදුලි හිඟයක් : විදුලිබල මණ්ඩලය අනතුරු අඟවයි




ශ්‍රී ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. පවතින උණුසුම් කාලගුණය මීට ආසන්නම හේතුව විය හැකි බවයි හදුනාගෙන තිබෙන්නේ. මෙම විදුලි අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලමේදී ඉදිරියේදී විදුලි හිගයක් ඇති විය හැකි බවද අනුමාන කර තිබෙනවා.

මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන.

ඇති විය හැකි හිගය පියවා ගැනීම සදහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුවී ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

විදුලිය සෑම විටම අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද මෙහිදී සිහිපත්  කෙරුණා.