Thursday, April 25, 2024

General line - 0115112241

කිරිපිටි ආනයනය සිමා කිරීමට රජයේ අවධානය 




කිරිපිටි ආනයනය සිමා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ ඉදිරිපත් කළ ප්‍රශ්නයක් අතර වාරයේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස නැගු අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියා.

ජනතාව තුල දියර කිරි භාවිතය ඉහළ නැංවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග කඩිනමින් සාකච්ජා කරන බවටද පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියා.