Saturday, April 20, 2024

General line - 0115112241

යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියක් අමානුෂීය ලෙස ඝාතනය කරලා (PHOTOS)

දිනසේන රතුගමගේ - වවුනියාව




යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවකගේ සිරූරක් අද (22) දහවල් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. යාපනය පොලිසිය සඳහන් කර සිටියේ පන්නෙයි මුහුදු ප්‍රදේශයේ තිබී මෙම සිසුවියගේ මළ සිරූර හමුවී ඇති බවයි.

මෙම වෛද්‍ය සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව කියන ආරක්ෂක අංශ සාමාජිකයෙක් කිළිනොච්චි, පරන්තන් ප්‍රදේශ ආරක්ෂක අංශ කඳවුරකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.