Thursday, April 25, 2024

General line - 0115112241

කේරළ ගංජා කිලෝ 176ක් සමග සැකකරුවන් තිදෙනෙකු පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට




නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව පුත්තලම, පාලවිය ප්‍රදේශයේ අද සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බස් රථයක තිබී කේරළ ගංජා කිලෝ 176කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. 

මෙලෙස බස් රථය තුළ සගවා තිබූ කේරළ ගංජා තොගය කල්පිටිය ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 29, 31 සහ 37 වියෙහි පසුවන, යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.