Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන් නිසා නීතිය ඉදිරියේ අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටු කරන්නැයි මන්ත්‍රීවරයෙක් කියයි




ප්‍රසිද්ධියට පත් වු ආන්දෝලනාත්මක දුරකතන සංවාද අලලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙන් පිටතදීද ස්ථාන කිහිපයකදීද අද (22) අදහස් පල වුණා. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පැවසුවේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිසුරුවරුන්ට කළ බලපෑම් නිසා ඇතැම් අය අසාධරණයට ලක්ව සිටිය හැකි බවයි. එවැන්නන්ට කඩිනමින් සාධාරණය ඉටු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසීරීම නිසා ශ්‍රී ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වාසය රට තුළ පමණක් නොව ජාත්‍යන්තරයේදීද පළුදු වී ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ද අද අදහස් පල කළා. මේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල.

මේ අතර අද පැවැත්වූ තවත් මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අභියෝගයක්ද කළා.  

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙම අදහස් පල කළේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.