Friday, April 19, 2024

General line - 0115112241

ආයතන රැසක සභාපති ධූරය හෙබවූ රොහාන් ටෙලිකොම් පුටුවට




ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මෙරට ව්‍යාපාරික හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොහාන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපති කුමාරසිරි සිරිසේන ජනවාරි මස 06 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදු කෙරුණා.

රොහාන් ප්‍රනාන්දු තේ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් හිමි අයෙකි. ඔහු ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු ද වනවා.

2008 සහ 2009 වසරවල ඔහු ජාතික අපනයන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළා. 

ශ්‍රී ලංකා රුවල් ඔරු සංගමයේ සභාපතිවරයා වන රොහාන් ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ද සාමාජිකයෙකි.

එපමණක්ද නොව, මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනි මාධ්‍ය ආයතනයක්, රේඩියෝ මාධ්‍ය ආයතනයක් සහ පුවත්පත් ආයතනයක් සහිත මාධ්‍ය ජාලයක සම-හිමිකාරිනියක වන වරුණි අමුණුගමගේ සැමියා වන්නේද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස පත් වූ රොහාන් ප්‍රනාන්දුයි.