Thursday, April 25, 2024

General line - 0115112241

යොවුන් ලෝක කුසලාන බලාපොරොත්තු ශ්‍රී ලංකාවෙන් අවසන් මොහොතේ ගිලිහෙයි




වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තු බොඳ වී ගොස් තිබෙනවා. ඒ, නවසීලන්තය සමග ඊයේ (22) පැවති තීරණාත්මක තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 03 කින් පරාජයට පත් වීම හේතුවෙන්. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 09 කට ලකුණු 242 ක් රැස් කළා. තරඟය නිම වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී නවසීලන්තය එම ඉලක්කය පසුකර ගියේ කඩුලු 07 ක් බිඳ වැටී තිබියදීයි. 

ඉතා තියුණු මුහුණුවරක් ගත් තරඟයේ අවසන් පන්දු පහේදී නවසීලන්ත පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 10 ක් ලබාගත යුතුව තිබුණා. අංක 09 පිතිකරු ලෙස පිටියට පිවිසි ක්‍රිස්ටියන් ක්ලාර්ක් 06 පහරක් එල්ල කරමින් නවසීලන්තයට ජය ගෙන ආවා. තරඟාවලියේ මූලික වටයේදී ඉන්දියාව හමුවේ ද පරාජයට පත් වීම හේතුවෙන් මෙවර යොවුන් ලෝක කුසලානයෙන් ඉවත් වීමටයි ශ්‍රී ලංකාවට සිදු වුණේ. 

මේ අතර වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට රටවල් 04 ක් සුදුසුකම් ලබා තිබෙනවා. එම රටවල් වන්නේ ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානයයි.