Friday, March 29, 2024

General line - 0115112241

කෝටි 05 ක රත්‍රන් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට




රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සදහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග කුඩා දරුවෙකු ද සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ සහ ග්‍රෑන්ඞ්පාස් යන ප්‍රදේශවල පදිංචි 28 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක්. ඔවුන් සමග සිටි දරුවා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි අයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී දරුවා අත වූ ගමන් මල්ලක තිබී කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් පමණ බර වූ මෙම රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගය සොයාගෙන තිබෙනවා.