Saturday, April 20, 2024

General line - 0115112241

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න වරෙන්තු ලබා ගන්න : නීතිපති CCDයට නියෝග කරයි




වැඩ තහනම් කරනු ලැබූ ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියා.

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරුවරයා බොරු සාක්ෂි සෑදීම සඳහා හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇත්තේ.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග මතභේදාත්මක දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව පසුගියදා නියෝග කරනු ලැබුවා.