Wednesday, April 17, 2024

General line - 0115112241

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් අභියස




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි. තරගයේ සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ පිල මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 8 ක් දැවී ලකුණු 165 ක් රැස්කර ගෙන සිටියා. බිඳ වැටුණු කඩුළු 04 ක්ම දවා ගත්තේ සුරංග ලක්මාල්. ඒ, පන්දුවාර 16 කදී ලකුණු 18 ක් පමණක් ලබාදෙමින්. 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 358 යි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී තිබියදී සිය පළමු ඉනිම ලකුණු 515 කට අත්හිටවූවා.