Saturday, April 20, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණය කළ ඌරුජුවාගේ ඥාතියෙක් හෙරොයින් සමග කොටු




මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම ඇතුළු ජාවාරම් රැසක් සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහන අනාවරණ කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාබුලගේ දිනිත් මෙලන් මාබුල නොහොත් ඌරුජුවා නමැත්තාගේ ඥාතියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශය මගින්. සැකකරු දැඩිගමුව ප්‍රද්ශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 850 ක්ද සමගයි.

කඩුවෙළ, රනාල, ජල්තර, ඇඹුල්ගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ගෙන් මෙම සැකකරු කප්පම් ලබාගෙන ඇති බව ද අනාවරණ වී තිබෙනවා.