Wednesday, April 24, 2024

General line - 0115112241

බිරිඳ සොයා ගිනිඅවියක් අතැතැව ගිය පුද්ගලයෙක් තිදෙනෙකුට වෙඩි තබයි




බිබිල කරාඩුගල පිටකුඹුර තැපැල්ගල ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තවත් කාන්තාවක් ඇතුලු පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ, කරාඩුගල පිටකුඹුර තැපැල්ගල පදිංචි ගයානි වයලට් (57) නැමති කාන්තාවකි.

වත්සලා නිශාන්ති (36) සහ ඉන්දික මොහාන් සමරවීර (42) යන දෙදෙනා බරපතල තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරුගේ බිරිඳගේ සහෝදරිය මෙලෙස සිද්ධියෙන් මියගොස් සිටිනවා.

පවුල් ආරවුලක් මත නිවසින් අතුරුදන්ව සිටි තම බිරිඳ සොයා සැකකරු ගිනි අවියක් අතැතිව අසල තිබෙන බිරිඳගේ සහෝදරියගේ නිවසට සහ තම දියණියගේ නිවසට ගොස් වෙඩි තැබීම සිදුකර තිබෙන බව පෙලීසිය කියයි.

සැකකරු ගිනි අවිය සහ පතරොම් කිහියයක් රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරාඩුගල පොලිසිය සහ යුධ හමුදාව එක්ව පරීක්ෂණ පවත්වයි.