Thursday, April 25, 2024

General line - 0115112241

ජනපතිගේ නම් කිරිමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය




ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙසපත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥයසන්ත කෝදාගොඩ ගේ නම සඳහා අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ රැස්වීමේදී අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම නීතිඥ යසන්ත කොදාගොඩ ශ්‍රේෂඨාධිකරණ විනිසුරුපදවියට පත්වීමෙන් පුරප්පාඩු වන අභියාචනාධිකරණයේ සභාපතිධූරය සඳහා ඒ.එච්.එම්.දිලීප් නවාස් පත්කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද අනුමැතිය ලබා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉහත නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලිඛිතව දන්වා එවා තිබුණා.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ආර් සම්බන්ධන්, තලතා අතුකෝරළ මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් වන එන් සෙල්වකුමාරන් සහ ජාවිඩ් යූසුෆ් ඇතුළු සාමාජිකයන් පිරිසක් සහභාගී විය.