Friday, April 19, 2024

General line - 0115112241

වසා දැමු "වුහාන් නගරයේ" සිටින ලාංකිකයින් ඉවත් කර ගැනීමේ සුදානමක්




චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය සම්බන්ධ තත්ත්වය ගැන බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමීපව අධික්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටිනවා. 

හුබෙයි සහ වුහාන් ප්‍රාන්තවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විමසීම් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් ගෙන් මේ වන විට බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පණිවිඩ ලැබෙමින් පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

වුහාන් හි ජිවත්වන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම සඳහා බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  WeChat සමාජ මාධ්‍ය ජාල ගිණුමක් ආරම්භ කර ඇති බව සඳහන්. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන උපදෙස් ආදියද මෙම  WeChat ගිණුම හරහා ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට තානාපති කාර්යාලය වැඩකටයුතු ආරම්භ කර ඇත.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාදුන් උපදෙස් අනුව වුහාන් ප්‍රාන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයින් ඉන් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන බලධාරීන් සහ අනෙක් තානාපති කාර්යාල සමග සාකච්ජා සිදුකරමින් සිටියි.

බීජිං හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔස්සේ යම් තොරතුරක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් දුරකථන අංක ලබාදී ඇත.