Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැට බඳියි




කොරෝනා වෛරස ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, ආසියානු පැසිෆික් කලාපය තුළ වර්තමානයේ පැතිර යමින් පවතින කොරෝනා වෛරසයෙන් ගුවන් මගීන්ට හා කාර්යය මණ්ඩලයට ඇති විය හැකි බලපෑම අවම කිරීමටයි. ඒ අනුව වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ගුවන් කාර්යය මණ්ඩලය හා සෙසු පිරිස් ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවසුවේ. 

මීට අමතරව ගුවන් යානා තුළ, ගුවන් තොටුපළවල මෙන්ම ආසියානු පැසිෆික් කලාපය තුළදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. වර්තමානයේ පවතින තත්වය පිළිබද නිරන්තර අධීක්ෂණය කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළා. එමෙන්ම ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ බලධාරීන් සමග ද සම්බන්ධ වී කටයුතු කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.