Thursday, April 18, 2024

General line - 0115112241

කොදෙව්වන් සහ ඇෆ්ගනිස්ථානය ඊළඟ පිම්ම පනියි 




වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය සමත් වී තිබෙනවා. තරඟාවලියේ ඉදිරිය පිළිබඳ තීරණය කරන බංග්ලාදේශ් - පකිස්ථාන් තරඟය දැන් පැවැත්වෙනවා.

ඉන්දියාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරඟය ද අද (24) ආරම්භ වුණා. කෙසේ වෙතත් මෙම තරඟ 02 ටම වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර යොවුන් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරඟ දෙකෙන්ම පරාජයට පත් වීම හේතුවෙන්. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය ජපානය සමග හෙට පැවැත්වීමට නියමිතයි.