Friday, March 29, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ජනපතිගෙන් අභියෝගයක්




රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය, ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා කියා සිටියේ ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන, ජනතාවට කාර්යක්ෂම සේවයක් සැලසිය යුතු බවයි.

රාජ්‍ය ආයතනවල ආකර්යක්ෂමතාව පිටුදැක කාර්යක්ෂමතාව නැංවීමටත්, රජයට බරක් නොවන ලෙස ලාභ උත්පාදනයත්, ආයතන ප්‍රධානීන්ගේ වගකීම බවයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ. 

කොළඹින් පිට පළාත්වල ආයෝජනය සඳහා ආයෝජකයින් යොමු කිරීම නාගරික තදබදයට විසඳුමක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ට නව තාක්ෂණය හා දියුණු යටිතල පහසුකම් ලබාදිය යුතු බව ද අවධාරණය කළා.