Saturday, April 20, 2024

General line - 0115112241

එජාප අර්බුදයට උත්තරය ලබන සතියට




එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් ලබන සතිය වනවිට විසඳුමක් ලැබෙනු ඇතැයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මේවනවිට ඒ සම්බන්ධයෙන් එකගතා කිහිපයකට පැමිණ ඇති නමුත් ලබන සතියේදී අවසන් එකගතාවකට පැමිණීමට හැකි වනු ඇති බවයි මහ ලේකම්වරයා පැවසුවේ. 

කෙසේවෙතත්, සජිත් පාර්ශවයට සහය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුරුන්දැයි නොසලකා මහ මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් සන්ධානයකින් තරග කිරීමට තීරණය කර ඇති බවයි. 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් ද පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තුළ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි දින 02 තුලදී අවසන් තීරණයකට පැමිණෙනු ඇති බවයි.