Thursday, April 25, 2024

General line - 0115112241

වැලිකඩ බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ට වතුර නැතිලු




වසර තුනක් ගතවුවත් වැලිකඩ බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ නිල නිවාස වෙත පිරිසිදු පානීය ජලය මෙතෙක් ලැබී නොමැති බව නෙත් නිවුස් වෙත අනාවරණ වුණා.

බන්ධනාගාර ආරංචි සදහන් කළේ එම නිල නිවාසවලට ජලය සැපයෙන්නේ බන්ධනාගාර භූමියෙහි ඇති ළිදකින් බවයි. එහෙත් එම ළිදෙහි ජලයට අපද්‍රව්‍ය මිශ‍්‍ර වී ඇති බව තහවුරු වී තිබෙනවා. 

ඒ, 2017 වසරේදී කළ පරීක්‍ෂණයකදීයි. ලබාගත් ජල සාම්පල යොදා ගනිමින් එම පරීක්‍ෂණය සිදුකර ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. 

පසුව ඒ බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ද 2017 වසරේදීම දන්වා තිබුණා. 

ඒ, එම ළිදෙහි ජලය වෙනුවට පිරිසිදු පානීය ජලය වැලිකඩ බන්ධනාගාරයේ තනිකඩ නිල නිලධාරින්ගේ නිල නිවාස වෙත ලබාදෙන ලෙසට නිර්දේශයක් ද ඉදිරිපත් කරමින්.

එහෙත් බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ තමන්ට තවමත් අපවිත‍්‍ර වී ඇති ළිදෙහි ජලය පරිභෝජනය කිරීමට සිදුව ඇති බවයි. 

වැලිකඩ බන්ධනාගාරයේ තනිකඩ නිලධාරීන්ගේ නිල නිවාසවල 400 කට අධික නිලධාරීන් පිරිසක් නවාතැන් ගෙන සිටිනවා.