Wednesday, April 24, 2024

General line - 0115112241

සබරගමුවටත්, කළුතර සහ ගාල්ලටත් සවස 02 න් පසුව වැසි




සබරගමුව පළාතේත්,  කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රක්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02 න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ ද ස්ථාන කිහිපයකට ද සිහින් වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර් 40 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.