Friday, April 19, 2024

General line - 0115112241

තුර්කියට ප්‍රබල භූ කම්පනයක්




තුර්කියේ නැගෙනහිර ප‍්‍රදේශයට ප‍්‍රබල භූ කම්පනයක බලපෑම් එල්ල වුණා.එහි ප‍්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුඞ් ඒකක 6.7 ක් ලෙසයි. ප‍්‍රධාන කම්පනයෙන් අනතුරුව පසු කම්පන තත්ත්වයන් 60 ක් පමණ ද බලපා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ප‍්‍රධාන කම්පනයේ බලපෑම අසල්වැසි සිරියාව, ලෙබනනය සහ ඉරානයට ද දැනී තිබුණා. ගොඩනැගිලි කඩා වැටීම වැනි සිද්ධීන් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන්. තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.