Tuesday, April 23, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන්ට අපලයක්




ආබාධයකට ලක්ව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප්, ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගි වීම අවිනිශ්චිත වී තිබෙනවා. ඔහු හෙට (03) දිනයේ විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදෙන අතර එහි ප‍්‍රතිඵල මත අවසන් තීරණයක් ගනු ඇති.

ඔස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප‍්‍රධාන වේගපන්දු යවන්නන් වන ධම්මික ප‍්‍රසාද්, දුෂ්මන්ත චමීර හා සුරංග ලක්මාල් ආබාධවලට ලක්වුණා.

ඒ අනුව ශ‍්‍රී ලංකා – ඔස්ටේ‍්‍රලියා පළමු ටෙස්ට් තරගයට කැඳවූ එකම ප‍්‍රධාන වේග පන්දු යවන්නා වූයේ නුවන් ප‍්‍රදීප් පමණයි.

දැන් ඔහු ද ආබාධයට ලක්ව ඇති බැවින් නවක ක‍්‍රීඩකයින් වන විශ්ව ප‍්‍රනාන්දු හා අසිත ප‍්‍රනාන්දු කණ්ඩායමට කැඳවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.