Thursday, April 25, 2024

General line - 0115112241

පස්සර මඩොල්සිම බස් රථ අනතුර පිළිබඳ වාර්තාව ප්‍රවාහන අමාත්‍යවරයාට භාර දෙයි




පුද්ගලයින් 09 දෙනෙකුට මරු කැඳවමින් පස්සර මඩොල්සිම ප්‍රදේශයේ සිදු වූ ලංගම බස් රථ අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාව ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර වෙත භාර දී තිබෙනවා. 

ඒ, එම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීම සඳහා පත් කළ කමිටුව විසින්. 

අනතුරට හේතු සහ නිර්දේශ සම්බන්ධයෙන් එම වාර්තාවෙන් කරුණු දක්වා තිබෙනවා. එමගින් පෙන්වා දී ඇත්තේ බස් රථය නිසි පරිදි නඩත්තු කර නොමැති වීම සහ අපරීක්ෂාකාරීව සේවා කටයුතු සිදු කිරීම, මෙම අනතුරට හේතු වී ඇති බවයි. 

එවැනි අවිධිමත් හා අක්‍රමවත් අලුත්වැඩියාවන් සම්බන්ධව අවධානය යොමු කර අනතුරු වළක්වා ගැනීම සහ බස් රථ විධිමත්ව අලුත්වැඩියා කිරීම සම්බන්ධව නිර්දේශ රැසක් එම වාර්තාව විසින් නිර්දේශ කර තිබෙනවා.