Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් බේරීමට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක්




ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ සියලු ජනතාව ස්වසන ආසාදන පාලනය සහ වළක්වා ගැනීම සඳහා ගත යුතු සාමාන්‍ය ක්‍රියා මාර්ග හෝ අනුගමනය කිරීම සුදුසු බවයි. 

ඒ අනුව ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතු වනවා. 

අත් නිතර  සබන් යොදා සේදීම හෝ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කිරීම කළ යුතුයි. කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැළමිට ප්‍රදේශය භාවිත කර මුඛය සහ නාසය ආවරණය කර ගන්නා ලෙසටයි දැනුම් දෙන්නේ. 

උණ සහ කැස්ස සහිත පුද්ගලයින් සමීපව ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතු වනවා. 

නව කොරෝනා වෛරස් රෝගය සහිත විදෙස් රටක සිට පැමිණ පසු උණ සහ කැස්ස වැළඳී තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.