Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වැළඳී ඇති බවට සැක තවත් විදේශිකයින් දෙදෙනෙකු IDH රෝහලට




කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් විදේශිකයින් දෙදෙනෙකු අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. පකිස්ථාන් ජාතික පිරිමි පුද්ගලයෙකු සහ පිලිපීන ජාතික කාන්තාවක් ඒ අතරට අයත්. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අයි ඩී එච් රෝහලට ඇතුළත් කෙරුණු තිදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව මූලික සාම්පල පරීක්ෂාවේදී තහවුරු වී තිබෙනවා. 

කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පැවසුවේ. 

රෝගීන්ගේ සාම්පල පිළිබඳ ද්විතියක මට්ටමෙන් රසායනාගාර පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මෙරටින් වාර්තා වූ රෝගීන් තිදෙනාගේ තත්වය බරපතළ නොවන බවයි.