Thursday, April 25, 2024

General line - 0115112241

විනිසුරු ගිහාන්ට එරෙහි වරෙන්තුව ගැන කතානායක නීතිපතිගෙන් කරුණු විමසීමට සූදානම්




මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපති දප්පුල ද ලිවේරා, පොලිසියට කළ දැනුම්දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබෙනවා. 

නීතිපතිවරයා විසින් සිදුකළ මෙම නියෝගය හේතුවෙන් මහජනතාව අතර අධිකරණය පිළිබඳ විශ්වාසය බිදවැටීමට ඉඩකඩ ඇති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡාවට ලක්ව ඇත්තේ. 

මෙවැනි නියෝග හේතුවෙන් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙන්ම විනිසුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වයට ද බලපෑම් එල්ලවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහසයි. 

නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝග මත සිදුවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  අත්අඩංගුවට ගැනීම් මෙන්ම පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වැනි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ලබාදුන් නියෝග ද  මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා. 

ඒ අනුව මේ සම්බන්ධයෙන්  කථනායකවරයා, නීතිපතිවරයා කැදවා  කරුණු විමසිය යුතු බවටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානියා වන්නේ කථානායක කරු ජයසූරිය  මහතායි.