Thursday, April 18, 2024

General line - 0115112241

මොන්ගෝලියාව චීන දේශ සීමාව වසා දමයි




නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය පුද්ගලයින් ගණන 81 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. චීන රජයේ බලධාරීන්ට අනුව වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති රෝගීන් ගණන 2,800ක්. එහෙත් විද්‍යායින් පවසන්නේ චීනය තුල සිටින  ලක්‍ෂයකට පමණ නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට විශ්වාස කෙරෙන බවයි. එම සංඛ්‍යාව තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ විය හැකි බවටද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර චීනය තුල පවතින අවධානම හමුවේ චීනයට මායිම්ව ඇති සිය දේශසීමාව වසා දැමීමට මොන්ගෝලියාව පියවර ගෙන තිබෙනවා. චීනයෙන් සිය රටට රථ වාහන ඇතුලු කිරීමට අවසර නොදෙන අතර දේශ සීමාව හරහා පදිකයින්ට ද චීනය දෙසින් සිය රටට ඇතුලු වීමට මොන්ගෝලියාව අවසර නොදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.