Tuesday, April 23, 2024

General line - 0115112241

වොක්ස්වැගන් රථ අලෙවිය ද.කොරියාව තහනම් කරයි




ලෝකය පුරා ජනප්‍රිය වොක්ස්වැගන් සමාගමේ වර්ග 80 කට අයත් වාහන අලෙවි කිරීම දකුණු කොරියානු බලධාරීන් විසින් තහනම් කරනු ලැබ තිබෙනවා.

ඒ, අදාළ වාහන සම්බන්ධයෙන් ලබා දී තිබූ දත්ත අසත්‍ය බව පවසමින්.

වාහන මගින් පරිසරයට නිකුත් වන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය හා නිකුත් කෙරෙන ශබ්දය පිළිබඳ අසත්‍ය තොරතුරු මෙලෙස සපයා තිබුණු බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඊට එරෙහිව අදාළ සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 16 ක දඩයක් අයකර ගැනීමටයි දකුණු කොරියානු බලධාරීන් තීරණය කර ඇත්තේ.  වොක්ස්වැගන් සමාගම ලෝකයේ දෙවන විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමයි.

3008 3262 3500 BN-PF224_volksw_M_20160802052647