Wednesday, April 24, 2024

General line - 0115112241

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක්




මහරගම සහ බොරලැස්ගමුව යන නගර සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 08.00 සිට එදිනම රාත්‍රී 08.00 දක්වායි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.