Tuesday, February 25, 2020
Hotline - 0770586666

සැක කටයුතු රෝගීන් කිහිප දෙනෙක් IDH රෝහලට

මහේෂ් කීර්තිරත්න

1047Views




 

 

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන තවත් රෝගීන් කිහිප දෙනෙකු කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් ඇති බවයි. මෙරටින් පළමු වරට හමුවූ කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කාන්තාවගේ සෞඛ්‍ය තත්වය ද මේ වනවිට යහපත් බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ මෙම චීන කාන්තාව මෙරට සංචාරය කරන අතරතුර මාතලේ කවුඩුපැලැල්ල ප්‍රදේශයේ හෝටලයකින් ආහාර ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. ඒ අනුව මාතලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලකගෙන් ඒ සම්බන්ධයෙන් විමසා සිටියා.

ඇය ප්‍රකාශ කළේ අදාළ හෝටලයේ සේවකයින් හට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි. අදාළ ස්ථාන ප්‍රාදේශීය වසංගතය රෝග විශේෂඥ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යොදවා පරික්ෂා කළ බවද මාතලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.