Saturday, September 19, 2020

Advertising - 0773953664 | General line - 0115112241

මුඛ ආවරණ මාෆියාවට වැට බදින්න : ජවිපෙ රජයෙන් ඉල්ලයි

1414Views


 


 

 

 

කොරෝනා වෛරසය පිළිබඳ අවදානම මතු වීමත් සමග මුඛ ආවරණ අලෙවිය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ හිඟයක් පවතින බවයි. මුඛ ආවරණ නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. 

කෙසේ වෙතතත්, ඇතැම් ප්‍රදේශවල මුඛ ආවරණ අලෙවියේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා කළේ. එහි දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේ ජනතාවට නොමිලේ මුඛ ආවරණ ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බවයි. 

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට බාධාවක් එල්ල විය හැකි වුවත් චීනය සමග පවතින සබඳතාවලට බාධාවක් නොවන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

මේ අතර කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යයාලය අද පැහැදිලි කිරීමක් සිදු කළා. එහි දැක්වෙන්නේ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කණ්ඩායම් සම්බන්ධයෙන් චීන රජය මනා අවධානයකින් පසු වන බවයි.

චීන තානාපති කාර්යයාලය උණ රෝගීන් සම්බන්ධ තොරතුරු ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. වෛරසය පැතිර යන ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ට ඔවුන්ගේ සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස දැනුම් දුන් බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යයාලය කියා සිටියේ. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here