Tuesday, February 25, 2020
Hotline - 0770586666

කැරිබියන් දුපත් සහ කියුබාවට සුනාමි අනතුරු ඇඟවීමක්

1204Views




 

 

කැරිබියන් මුහුදේ රිව්ට්ර් මාපකයේ එක්ක 7.7 ක ප්‍රභලත්වයෙන් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භුකම්පනයත් සමග පැසිෆික් සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අඩි 01ක සිට අඩි 03 ක් දක්වා උසකින් යුත් සුනාමි රළ පහරක් ජැමෙයිකාව, කියුබාව, මෙක්සිකෝව, හොන්ඩුරාස්, බෙලීස් සහ Cayman දුපතට බලපානු ඇති බවයි පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම භූමිකම්පාව ජැමෙයිකානු දුපත සහ කියුබාව අතර මුහුදේ සිදුව ඇති බවයි ඇමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සඳහන් කලේ.

මෙම භූකම්පනයෙන් සිදුවූ ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මේ දක්වා වාර්තා වන්නේ නැහැ.