Tuesday, April 23, 2024

General line - 0115112241

මෙරටදී හමු වූ චීන කාන්තාවට වෛරසය ආසාදනය වූ හැටි තහවුරු කෙරේ




මෙරටින හමුවූ චීන ජාතික කාන්තාවට වෛරසය ආසාදනය වී ඇත්තේ චීනයේදී බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මේ බව සඳහන් කළේ ඊයේ (28) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට සම්බන්ධ වෙමින්.

නව කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාවට පැමිණීම සඳහා තවමත් ඉඩකඩක් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

නව කොරෝනා ආසාදනය වූ බවට තහවුරු කරගත් චීන කාන්තාව තවදුරටත් කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඇයගේ තත්ත්වය සුව අතට හැරෙන බවයි රොහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන තවත් පිරිසක් කොළඹ  IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතරට අදාල චීන ජාතික කාන්තාව සිටි හෝටලයක සේවිකාවක්ද අයත්.

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කරන්න.)