Friday, April 19, 2024

General line - 0115112241

චීනයේ සිට මේ දක්වා පැමිණ ඇති සිසුන් සංඛ්‍යාව 380ක්




චීනයේ සිටින මෙරට සිසුන්ගෙන් තවත් කණ්ඩායමක් ශී‍්‍ර ලංකාව වෙත පිටත් කර හැර තිබෙනවා. එම කණ්ඩායමට සිසුන් 176 ක් අයත්. ඒ අනුව මේ දක්වා දිවයිනට එවා ඇති මුළු සිසුන් සංඛ්‍යාව 380 ක් වනවා.

ඒ සම්බන්ධයෙන් චීනයේ ශී‍්‍ර ලංකා වැඩ බලන තානාපති කේ. කේ. යෝගනාදන්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තවදුරටත් ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඉන්න සිසුන් දැනුම් දෙන්නේ නම් ඒ පිළිබඳ කඩිනමින් වැඩකටයුතු සිදු කළ හැකි බවයි.

ශී‍්‍ර ලාංකිකයින් 557 දෙනෙකු පමණ චීනයේ වාසය කරනවා. ඒ අතරින් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව චීනයේ ශී‍්‍ර ලංකා වැඩ බලන තානාපතිවරයා ප‍්‍රකාශ කළා. 

මේ අතර නව කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප‍්‍රදේශවල සිට ශ‍්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලය ඊයේ (28) උපදෙස් ලබා දුන්නා. ඔවුන් පැවසුවේ නව කොරෝනා වසංගත තත්ත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති චීන බලධාරීන් එය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා උපරිම පියවර ගෙන තිබෙන බවයි.