Thursday, March 28, 2024

General line - 0115112241

ගතවූ පැය 24 දී චීනය තුළ මරණ 25ක්




ගතවූ පැය 24ක කාලයක තුළ පමණක් නව කොරෝනා වෛරසය ආසාදනය වීමේන චීනය තුළ සිදු වූ තවත් මරණ 25 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා සිදුව ඇති නව කොරෝනා මරණ සංඛ්‍යාව 131ක්.

ගතවු පැය 24තුළ නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති රෝගීන් 840 දෙනෙකුද සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගෙන් වැඩිම පිරිස හුබෙයි ප‍්‍රාන්ත වැසියන්. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කෙරුණු රෝගීන් ගණනද 5,355ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව කොරෝනා වෛරසය පාලනය කිරීමට චීනයට හැකියාව ඇති බවයි. එබැවින් චීනයේ සිටින විදේශකයින් එරටින් පිටව යාමේ අවශ්‍යතාවක් නොමැති බවට විශ්වාස කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ.

එහෙත් ලොව ප‍්‍රධාන පෙලේ ගුවන් සමාගම් චීනය වෙත සිදු කරන ගුවන් ගමන් සීමා කිරීමට මේ වන විට තීරණය කර අවසන්.