Thursday, March 28, 2024

General line - 0115112241

රෝගීන් සංඛ්‍යාව 10000කට ආසන්න වෙයි




නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය අද (29) අනාවරණ කළා.

චීනය ඇතුළු රටවල් 16කින් මේ වන විටත් වෛරසය ආසාදනය වු බවට තහවුරු කළ රෝගීන් හමු වී තිබෙනවා.

චීනය තුළ පමණක් රෝගය තහවුරු කළ ඇති සංඛ්‍යාව මේ වන විට 6000කට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අනුව රටවල් රැසක් දැනටමත් චීනය තුළ සිටින රට වැසියන් යළිත් සිය රටවලට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.