Saturday, April 20, 2024

General line - 0115112241

හිඟයෙන් පීඩා විඳින ශ්‍රී ලාංකික ජනතාවට මුඛ ආවරණ තොගයක් (PHOTOS)




නව කොරෝනා වෛරසය පැතිරයෑමේ තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ හිඟයෙන් පීඩාවට පත් මෙරට ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ තොගයක් එවීමට සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක ආචාර්ය කරදෙටියන ගුණරතන හිමියන්  කටයුතු කොට තිබුණා.

ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අදාළ මුඛ ආවරණ ලබාදී තිබුණා.

දැනට සිංගප්පූරුවේ වැඩ වසන වවුනියාව පිරප්පම්මඩුව ශ්‍රී පඤ්ඤානන්ද විහාරාස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ළිඳවැව අමරජෝති නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිය කර මතින් මුඛ ආවරණ පෙට්ටි රැගෙනවිත් මෙරටට එවන ලබන ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.