Thursday, April 25, 2024

General line - 0115112241

වැඩි මිලට මුඛ ආවරණ අලෙවිකරන්නන් සොයා වැටලීම්




කොරෝනා වෛරසයේ අවදානමත් සමග වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කිරීමේ ජාවාරම මැඩපැවැත්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබෙනවා. කිසියම් ඖෂධ හලක් හෝ වෙළදසැලක් එලෙස වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන්නේ නම් එම වෙලදසැල් වලට එරෙහිව පියවර ගැනීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත්තේ. එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් පැවසුවේ එලෙස වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන බවට පැමිණිලි කිහිපයක්ද ලැබී ඇති බවයි. 

එලෙස වැඩි මිලට මුඛ ආවරණ අලෙවි කරන ඖෂධ හල් හෝ වෙළදසැල් පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

දිවයින පුරා ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ හදිසියේ මුඛ ආවරණ මිලදී ගැනීමට වැඩි පිරිසක් එකවර පැමිණීම හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දිය නොහැකි බවයි.