Tuesday, February 25, 2020
Hotline - 0770586666

ධීවර බෝට්ටු හරහා කොරෝනා පැමිණීම වැලැක්වීමට සැලසුමක්

ජුඞ් සමන්ත

580Views




 

 

මෙරට ධීවර වරාය හරහා කොරෝනා වෛරසය ඇතුළු වීමට ඇති ඉඩ කඩ අහුරා දැමීමට අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ධීවර හා මිරිදිය සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුහුදේ මසුන් මරන විදේශීය ධීවර යාත්‍රා මෙරටට පැමිණ මත්ස්‍යන් ප්‍රති අපනයනය කිරීම සිදු කිරීම මේ වන විට සිදුවන බවයි.

එම යාත්‍රාවල සේවය කරන චීන ජාතිකයන් ඇතුළු විදේශීකයින් මගින් මෙරටට කොරෝනා වෛරසය ආසාධනය වීමට ඇති හැකියාව සලකා මෙම පියවර ගත් බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවේ. 

ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ නාවික හමුදාව සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඔහු මෙම අදහස් පල කළේ හලාවත - මාදම්පේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.