Tuesday, September 22, 2020

General line - 0115112241

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ් 

1433Views


 


 

 

 

පුද්ගලයන් 11 කු පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනකු ජනවාරි මස 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලද අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කරනු ලැබුවේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට කොළඹ මහාධිකරණ විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පෙබරවාරි මස 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

අගතියට පත් වූවන් හා සාක්ෂි කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය මෙහිදී පවසා සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා පසුගිය වසරේ දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බවයි. ඒ අනුව මෙම සැකකරුවන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්  විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පුද්ගලයන් පැහැර ගැනීමට අදාළ නඩුවේ විමර්ශන කළ ප්‍රධාන විමර්ශන නිළධාරි යා වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ තවත් සාක්ෂිකරුවකු මේ වන විට රටින් ද පළා ගොස් ඇති බව පවසා සිටියා.  

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here